👆
බුද්ධ දර්ශනයේ හදවත භාවනාවයි. එනම් සොයාබැලීම හෝ භාවිතා කිරීමට ඉගෙන ගැනීමයි. එය ඒකායන මාර්ගයකි. නමුත් මෙම සොයා බැලීමට අප භාවිතා කලයුතු වන්නේ තමන්ගේම ශරීරය හා ඒහා සම්බන්ධ කාරණයන් ගැන පමණක්ම ය. එය පංච උපාදානස්කන්ධ ලෙස හැඳින්වේ. කෙසේ නමුත් භාවිතා කරන ක්රම කාලයාගේ ඇවෑමෙන් බැහැරවී යාහැකි වුවද, බුද්ධ දර්ශනය තුල එම ක්රියාවලීන්ම වෙනත් දිශා ආනතියකින් හෝ නැවත නැවත සිදුකිරීමට සිදුවනු ඇත. එම ගමන අවසානයේදී තමා තමන්වම හදුනාගත්කල, සම්මා ඤාණ සහ සම්ම විමුක්ති නම් වූ සුවිශේෂතා දෙකක් පමණක් ශාක්ෂාත් වනු ඇත. ගුරු උපදේශය,මේ ගමන සිහියෙන් පටන්ගෙන සිහි නුවණින් අවසන් වනබවයි.